May 05, 2024

කුඩා සහ මධ්‍ය ව්‍යාපාර සඳහා දිරි දෙයි

December 04, 2014

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත නව වෙළඳපොල සොයාගැනීමේ අවස්ථාව සහ ජාත්‍යන්තර සහතිකකරණය පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීම් සිදු කිරීම සඳහා වූ වැඩසටහනක් මේ වන විට කොළඹ BMICH ‘C’පරීශ්‍රයේදී පැවැත් වෙයි.

මෙහිදී දැනට පවත්වාගෙන යන ව්‍යාපාර ප්‍රමිතිකරණය ආරක්ෂා කර ගනිමින් පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් ව්‍යවසායකයින් දැනුවත් කෙරෙනු ඇති. එහිදී උතුර, නැගෙනහිර සහ ඌව පලාත්වලට මෙහි විශේෂ අවධානයක් යොමු කිරීමටද පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ශ්‍රි ලංකා ආහාර සැකසුම් සංගමය (SLFPA) සහ ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලය (CCC) සමඟ එක්ව මෙම වැඩසටහන මෙහෙයවයි.

එළඹෙන 07 වැනිදා දක්වා මෙය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 50 වැනි සංවත්සරයට සමගාමීව වීමද විශේෂිතය.

Rate this item
(0 votes)