April 27, 2024

ඩිජිටල් තාක්ෂණ පළමු පුහුණු කඳවුරට තරුණ තරුණියන් 80කගේ සහභාගිත්වයක්

තොරතුර හා සන්නිවේදන තාක්ෂණ  ක්ෂේත්‍රයේ  වැඩි රැකියා අවස්ථා තරුණ තරුණියන්ට ලබාදීම ඉලක්ක කරගනිමින් Lighting Digital Youth Boot Camp නමින් පැවැත්වෙන අධ්‍යාපන පුහුණු කඳවුරු මාලාවේ පළමුවැන්න කැලණිය හෙයියන්තුඩුව තරුණසේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථකව නිමාවිය.

දින හතරක් පුරා පැවතී මෙම තොරතුරු තාක්ෂණ ආරම්භක පුහුණු කදවුරට තරුණ තරුණියන් 80 දෙනකු සහභාගි වුහ.

මෙම සහභාගි වු පිරිසෙන් 70% ක් පමණ  රැකියා විරහිත අනාගත වෘත්තිය අවස්ථා අපේක්ෂා කරන අය ලෙස හදුනා ගැනින.

සහභාගි වු තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව, ආයතනික පුහුණු අවස්ථා නව්‍ය ව්‍යාපාර ආරම්භ කිරිම සදහා වූ මාර්ගෝපදේශ, පරිගණක අංශයේ වෘත්තීය ආයතනික සාමාජිකත්ව අවස්ථා හිමිකරගැනීමට ද හැකිවිය.

ජාතික තරුණ සේවා සභාව සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව මෙය ක්‍රියාවට නගයි.

මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට තරුණ තරුණියන් ඉක්මනින්ම යොමු කර ගැනීමට සැලසුම් කර ඇත.

ඒ මඟින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි සංවිධානය කෙරෙන පුහුණු කදවුරු 170 වකින් තරුණ තරුණියන් 34,000 කට මෙම අංශයේ රැකියා සදහා ඍජු අවස්ථා ලබාගැනීමට හැකිවෙතයි අපේක්ශා කෙරේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ධාරිතා සංවර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් කියාසිටියේ  පළමු වැඩසටහනින්ම සහබාගිවුවන්ගෙන් ලැබුන ඉහල ප්‍රතිචාර  මෙයට සම්බන්දවිමට අපේක්ෂාකරන පිරිස්වල උනන්දුව වැඩිකිරීමට හේතුවන බවයි. මෙරට තොරතුරු සන්නිවේදන අංශයේ ඉහලම සමාගම් හා සම්පත්දායකයන්ගේ සහාය ලැබි තිබිම මෙම වැඩසටහන් වඩාත් පලදායක කර ගැනීමට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙන ලදී  ශ්‍රී ලංකා පරිඝනක සංගමය (CSSL), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ( BCS),  ,FITIS)  සහ SLAASCOM ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ තොරතුරු හා   සන්නිවේදන තාක්ෂණ  කර්මාන්ත සංගම්වල සහභාගීත්වයෙන්  ඉලක්කගත  පුහුණු සැසි රැසක් සංවිධානය කර තිබුණි.

පළමු වටයේ දිස්ත්‍රික්ක මට්ටමින්  හම්බන්තොට ,කෑගල්ල ,මහනුවර ,නුවරඑළිය අනුරාධපුර ,බදුල්ල ,කුරුණෑගල ,අම්පාර ,වව්නියාව , පැවැත්වීමට සැලසුම් කර ඇති කදවුරු මගින් 2000 කට පුහුණු අවස්ථා හිමිවනු ඇත.

එමෙන්ම 2025 වනවිට ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන අංශයේ රැකියා අවස්ථා (300000 )ලක්ෂ තුනක්  දක්වා වැඩිකිරීමේ ජාතික  අපේක්ෂාවද ඉටුකර ගැනීමට මෙය අනුබලයක් වනු ඇති බවත් එමගින් ඩොලර්  බිලියන 3 ක අපනයන ආදායමක් උත්පාදනය කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීමටත්  හැකිවනු ඇති බව සමීර ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී .

නොමිලේ  පැවැත්වෙන මෙම පුහුනු  කදවුරු සදහා සහ සහභාගි විමට  https://youth.lightingdigital.gov.lk වෙත පිවිසීමෙන් ලියාපදිංචි විය හැකිය. ඉන් පසුව, ඔවුන් පුර්ව පරීක්ෂණයකට මුහුණ දිය යුතු වේ.

එමෙන්ම bootcamp වෙත පැමිණීමට පෙර සූදානම් කිරීම webinar මගින් සිදුකෙරේ.

ආරම්භක කඳවුරු සාර්ථකව නිම කිරීමෙන් පසු, සහභාගිවන්නන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසු සැසියක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි ( ICTA ) සභාපති ඕෂද සේනානායක, එහි  අධ්‍යක්ෂ සමීර ජයවර්ධන ජාතික තරුණ සේවා සභාවෙහි  අධ්‍යක්ෂ රෂිත දෑලපොල සහ අධ්‍යක්ෂ මනුල පෙරේරා යන අය මෙම අවස්ථාවට එක්වුවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2022 05:08