April 27, 2024

තෙල් අර්බුදය උඩු දුවයි! ඩීසල් නැතිව බස් පාර මැදම නවතී (PHOTOS)

February 24, 2022

ඉන්ධන අර්බුදය මේවනවිට රට අඩපණ වෙන තැනට තල්ලූ වී තිබෙන බව පෙනී යනවා.

මගී බස්රථ සේම භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද ඩීසල් නොමැතිවීමෙන් නැවතී ඇතැයි වාර්තා වනවා.

මේ අතර කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක් ඩීසල් නොමැතිව ඊයේ(23) කළුතර නගර මධ්‍යයේ නතර වී තිබෙනවා.

මේ හේතුවෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

කොළඹින් මාතර බලා ධාවනය වූ මාතර ඩිපෝවට අයත් එම බසය කළුතර මැදපාරේ උදෑසන 9 ට පමණ නතරවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට මගීන් 80කට ආසන්න පිරිසක් රථයේ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් වෙනත් බස් රථ වලට යොමුකර තිබෙනවා.

ඩීසල් සීමා වෙලා

අනතුරුව කලුතර ඩිපෝවට දැනුම්දී ඩීසල් රැගත් ලංගම කාර්මිකයින් පැමිණ බස් රථය පෙරවරු 10.30ට පමණ යලි පණගන්වා ධාවනය කරවූ බවයි වාර්තා වන්නේ.

ඒෂියන් මිරර් වාර්තාකරු පැවසූවේ හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන තොග නොමැති විමෙන් රථ වාහන හිමියන් සහ රියදුරන් දැඩි අසිරුතාවයට පත් ව ඇති බවයි.

එම ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ඉන්ධන තොග කොටගල පිහිටි ඛනිජ තෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණයෙන් බෙදා හැරිම සිදු කෙරෙනවා.

එම ගබඩා සංකිර්ණයෙන් ඉන්ධන පිරවුම්හල් වලට සිමිත ඩිසල් ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරිම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් හිගය මතු වි තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිරවුම්හල් වලින්ද රථ වාහන වලට ඩිසල් ඉන්ධන ඉතා සීමිතව නිකුත් කිරිම නිසා තමන් ගැටළු රැසකට මැදි වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ බස් රථ හිමියන් සහ අනෙකුත් රථ වාහන රියදුරන් කියා සිටියේ.

ජනතාවගෙන් චෝදනා

අත්‍යවශ්‍ය සැම ද්‍රව්‍යයක්ම තමන්ට මිල දි ගැනිමට සිදු වි ඇත්තේ පෝලිමේ සිට බව හැටන් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් මේ දිනවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබෙන අයුරු දක්නට ලැබුණා.

විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.  

ඉන්ධන නැත

බොහෝ ඉන්ධන අලෙවිසැල්වල ‘ඩීසල් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ඇතැම් ඒවායේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ද නොමැති බව සඳහන් කර තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා.

මීට අමතරව බොහෝ ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ද නොමැති තත්වයක් දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ඩීසල් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර ඇතැමුන්ට ඉන්ධන පිරවුම්හල් ගණනාවකට ගියත් ඉන්ධන ලබාගැනීමට නොහැකිව හිස්අතින්ම ආපසු යන්නට සිදුවූ අවස්ථා ද වාර්තා වෙනවා.

ඇතැමුන්ට පැය ගණනක් තිස්සේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටින්නට සිදුව තිබුණා.

ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ දෛනික කටයුතු සඳහා බාධා එල්ල වූ අතර ඇතැම් වාහන ඉන්ධන නොමැතිව අතරමග නැවතුණු බවට ද වාර්තා විය.

ඇතැම් වාහන හිමියන් වාහන මග නැවතීම හේතුවෙන් ඉන්ධන රැගෙනයාමට භාජන ද රැගෙන ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටි බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 03:15