April 27, 2024

සතොස මෝටර්ස් 10 වැනි ශාඛාව බදුල්ලට

February 23, 2022

ඉසූසූ වෙළෙඳ සන්නාමය යටතේ ඕනෑම වර්ගයක වාහනයකට අවශ්‍ය නියම අමතර කොටස් අලෙවිකරු වන සතොස මෝටර්ස් පුද්ගලික සමාගමේ 10 වැනි ශාඛාව පසුගියදා බදුල්ලේදී  විවෘත කෙරිණි.

සතොස මෝටර්ස් ශාඛා ජාලයට එක් වූ නවතම ශාඛාව බදුල්ල, ආර්.එච්.ගුණවර්ධන මාවතේ අංක 13 දරණ ස්ථානයේ පිහිටා ඇත.

නියම අමතර කොටස් ලබා ගත හැකි සතොස මෝටර්ස් පුද්ගලික සමාගමේ නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එම සමාගමේ මූල්‍ය සාමාන්‍යධිකාරී ඉන්ද්‍රජීව අලහප්පෙරුම මහතා ඇතුළු ඉහළ නිලධාරීහු රැසක් ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූහ.

නියම අමතර කොටස් සහ අසමසම සේවාව තුළින් සිය ශාඛා ජාලය පුළුල් කරමින් සිටින අතරතුර සිය කීර්තිනාමය නව තලයකට රැගෙන යෑමට සතොස මෝටර්ස් පුද්ගලික සමාගම සමත් වී ඇත.

ළඟාවීමේ පහසුව සලසාලමින් පාරිභෝගිකයන්ට වැඩි සේවාවක් ඉටු කිරිම සතොස මෝටර්ස් සමාගමේ ශාඛා ජාලය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වී තිබේ.

මෙරට අංක එකේ මෝටර් රථ සන්නාමය වන ලෝ ප්‍රකට ඉසූසූ සන්නාමයේ දේශීය නියෝජිතයා වන මෝටර් රථ සන්නාමයේ ශ්‍රී ලංකේය පුරෝගාමියා වන සතොස මෝටර්ස් ඉදිරියේදී සිය ශාඛා ජාලය තවත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිරි මාස කිහිපය ඇතුළත දීපව්‍යාප්තව තවත් ශාඛා රැසක් විවෘත කිරීමට නියමිතය.

Rate this item
(0 votes)