April 27, 2024

ඔයාමඩුවට ඖෂධ කර්මාන්ත පුරයක්!

February 23, 2022

මෙරට ජනතාවට අවශ්‍ය ඖෂධ පිටරටින් ගෙන්වීම සඳහා සෑම ආණ්ඩුවක්ම වසරකට රුපියල් බිලියන 100කට අධික මුදලක් වැය කර තිබෙනවා.

මේ තත්ත්වය අවබෝධ කරගත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙරට දී ඖෂධ නිපදවිය යුතුය යන්න ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබුණා. 

ඊට මූලාරම්භය තබමින් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන ඖෂධ සියට සියයක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් වෙනම ම රාජ්‍ය අමාත්‍යාංශයක් සහ ඊට ඇමැතිවරයකු ද පත් පත් කළා.

ඒ අනුව ස්ථාපිත කළ ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ඖෂධ පිළිබඳ මහාචාර්යවරයෙකු වන චන්න ජයසුමන මහතා පත් කළා.

එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘‘ඔයාමඩුව‘‘ කේන්ද්‍ර කරගනිමින් ඖෂධ කර්මාන්ත පුරය ආරම්භ කර ඇති අතර එහි මෙරට පළමු පෙළේ දේශීය ආයෝජකයන් 21 දෙනෙකු සිය ආයෝජනයන් කර තිබීම ද විශේෂත්වයක්.

මෙරට ඉහල පෙළේ ව්‍යාපාර කටයුතුවල නිරත වන මෙම ආයෝජකයන් අතර නියෝලි හොල්ඩින්ස් පුද්ගලික සමාගම, ප්‍රිමියන් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම, ජොර්ජ් ස්ටුවට් හෙල්ත් පුද්ගලික සමාගම, මැන්චෙස්ට මෙඩිකල් පුද්ගලික සමාගම, නූ ලයින් බයෝටෙක් පුද්ගලික සමාගම, මැලිබන් බයෝවෙන්චර්ස් පුද්ගලික සමාගම, ලක්සස් මෙඩි ලයින් පුද්ගලික සමාගම සහ නිවාරණ පුද්ගලික සමාගම ද සිය ආයෝජනයන් සිදුකර තිබෙනවා. 

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතන මඟින් ඉතා ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ ලබාදෙමින්, මෙරටින් විදේශ රටවලට ගලාගිය බිලියන ගණනක මුදල් නතර කර ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය සැපයීමටද  මින් සමත්ව තිබෙනවා. 

එපමණක් නොව මේ මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 2000කට සෘජු රැකියා සහ තවත් 5000කට අධික පිරිසකට වක්‍ර රැකියා හිමිවන අතර නව කර්මාන්ත පුරය තුළ ඉදිවෙන නවීන පහසුකම්වලින් සමන්විත නගරයත් සමග එහි සේවයේ යෙදෙන්නන්ට සහ පාරිභෝගික ජනතාවට සුපිරි වෙළෙඳ සාප්පු, කාය වර්ධන මධ්‍යස්ථාන ඇතුළු පහසුකම් රැසක් අතිවිදීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.

මීට අමතරව මෙම නගරය තුළ පිට කරන අපවිත්‍ර ජලය අන්තිම ජාල බිංදුව දක්වාම පවිත්‍ර කරණය කිරීම යොදා ඇති අතර සියයට සියයක් පරිසර හිතකාමී නගරයක් ලෙස නිර්මාණය කර තිබෙනවා.

පිටරටින් ගෙන් වූ ඖෂධ වලින් සියයට 50ක් 2024 වසර වන විට නව කර්මාන්ත පුරය තුළ නිෂ්පාදනය අඩු මිලට ජනතාවට ලබාදීමට සැලසුම් සකස් කර ඇති අතර ඊට අදාළ ආයෝජකයන් ගිවිසුම් ගත වීම ඊයේ (22) අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පෞද්ගලික ආයතන රැසක ආයෝජකයන් එක්වෙමින් කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදුකෙරිණි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 10:45