May 02, 2024

කිතුල් වලට ප්‍රමිතියක් දෙයි

February 18, 2022

“සරුසාර කිතුලයි - තිරසාර රටයි” තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග එළිදැක්වේ.

දිවයින පුරා දිස්ත්‍රික්ක 13ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරේ.

කිතුල් මැදීමේ සිට අලෙවිය දක්වා වූ කර්තව්‍යයේ දී කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු මග හැර ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැගෙන යාම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව විය.

එය අරමුණු කරගනිමින් 2021 වසරේ මාර්තු 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබීය.

එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස “කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග” ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් පිළිගනු ලැබිණ.

කිතුල් පැණි නිෂ්පාදනය සඳහා “ශ්‍රී ලංකා ප්‍රමිත” හඳුන්වා දෙමින් “ප්‍රමිත සහතිකය” ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට සහතික පත් සහ කර්මාන්තකරුවන් පස් දෙනෙකුට සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කිතුල් නිෂ්පාදන ඇතුළත් මංජුසාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය. කිතුල් මැදීම, පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්‍රිත ආහාර, කිතුල් වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

Rate this item
(0 votes)