May 02, 2024

මහජන බැංකුවෙන් යුද් හමුදාවට ‘විරු අබිමන’ ණය යෝජනා ක‍්‍රමයක්

February 17, 2022

මහජන බැංකුවල ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයින් වෙනුවෙන් ‘විරු අබිමන’ නිවාස ණය යෝජනා ක‍්‍රමය හදුන්වා දෙන ලදි.

මේ සදහා වන ගිවිසුම් හුවමාරු කරගැනීම ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරුන් අතර ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය 15 දින සිදුකෙරිණි.

මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ යුද හමුදා සාමාජිකයා ලබන මාසික වැටුප පදනම් කරගෙන ණය මුදල තීරණය කළ හැකි අතර, විශ‍්‍රාම කාලයද සලකා ණය ආපසු ගෙවීමේ කාලය තීරණය කිරීමට හැකියාව ලැබේ.

මෙහිදි උපරිම අවුරුදු 25ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලයක් සලකා බැලිය හැක.

එමෙන්ම මහජන බැංකුවේ People's Wave ජංගම දුරකථන යෙදවුම, People's Wave අන්තර්ජාල බැංකුකරණ පහසුකම සහ People’s Pay Digital Wallet App පහසුකම් තුළින් ඕනෑම ස්ථානයක සිට බැංකු කටයුතු ඉටුකරගැනීමේ හැකියාවද ගනුදෙනුකරුවන්ට හිමිවේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ, යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර, යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් නිශ්ශංක ඊරියගම යන මහත්වරුන් ඇතුළු යුද හමුදා නිලධාරීන්, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ ඩිජිටල) කේ.බී රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු සහ කි‍්‍රයාවලි කළමනාකරණ) රේණුකා ජයසිංහ, අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු) විරාජිනි මුණසිංහ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රවී පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Rate this item
(0 votes)