Clement's රෙස්ට්ටුරන්ට් හි නවතම ශාඛාව හලාවතදී පසුගියදා විවෘත කෙරිණි.
ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
කොළඹ - හලාවත පාරේ මනරම් පරිසරයක ස්ථාපිත කර ඇති මෙම Clement's රෙස්ට්ටුරන්ට් ආයතනය පාරිභෝගික ජනතාවට පහසුකම් රැසක් ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව Wifi පහසුකම්, කැෆේ, ආපන ශාලාව, බේකරි, සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විත වේ.
පහසු සංචාරක නැවතුමක ඔබ සොයන සියලුම පහසුකම් සමඟින් ප්‍රබෝධමත්ව, සිය සේවා ලබා දීමට Clement's රෙස්ට්ටුරන්ට් ආයතනය කටයුතු කර තිබේ.
සිය සේවක මණ්ඩලය 77කින් සමන්විත Clement's රෙස්ට්ටුරන්ට් ආයතනය සිය කාබනික වගාවක්ද පවත්වාගෙන යනු ලබයි. කාබනික වගාවෙන් ලබා ගන්නා අස්වැන්න යොදා ගනිමින් සිය ආහාර පාන සකස් කර ගන්නා බව Clement's රෙස්ට්ටුරන්ට් ආයතනය පවසයි.