May 03, 2024

Ford සමාගමේ සංරක්‍ෂණ සහ පාරිසරික ප්‍රතිපාදන පිරිනැමේ

ෆෝර්ඩ් සමාගමේ සංරක්‍ෂණ සහ පාරිසරික ප්‍රතිපාදන වැඩසටහන මේ වන විට ආසියා ශාන්තිකර කලාපයෙහි ක්‍රියාත්මක වන වාර්ෂික අවස්‌ථාවක්‌ බවට පත්වී ඇත. දස වසරකට පෙර සිට ක්‍රියාත්මක වූ මෙම ප්‍රතිපාදන වැඩසටහනෙහි ජයග්‍රාහි ව්‍යාපෘතීන් හරහා ආසියා ශාන්තිකර කලාපයෙහි විවිධ සංවිධානයන්ට, විවිධ ආධාරයන්ගෙන් සහාය වී තිබේ.

මෙවර ඩොලර් විසි  දහසක ආධාර මුදලක් පිරිනැමීම සඳහා ඔවුන් තීරණය කර ඇත්තේ මෙරට කුරුල්ලන් පිළිබඳ ගවේෂණ කටයුතු වෙනුවෙනි.එම ප්‍රතිපාදනය  ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේත්‍ර පර්යේෂණ ආයතනයේ මහාචාර්ය සරත් කොටගම මහතා වෙත ෆියුචර් ඔටෝ මොබයිල් හි සුමින්ද ද සිල්වා සහ ෆෝර්ඩ් මෝටර් සමාගමේ ආසියා ශාන්තිකර කලාපිය කළමනාකාර අධ්‍යක්ෂ ඩේවිඩ් වෙස්ටර්මන් යන මහත්වරුන් විසින් කොළඹදී පිරිනමනු ලැබීය.

Rate this item
(0 votes)