May 04, 2024

කෑම වේලත් ඉහළ යයි - මිල ගණන් මෙන්න

November 22, 2021

බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් මිල ඉහළ දමන බවයි එම සංගමය පවසන්නේ.

මෙම මිල සංශෝධනය හෙට (23) සිට ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් කිරි තේ කෝප්පයක මිල ඉහළ නොදමන බව ඔහු සඳහන් කළා.

ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා.

නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 200ක්, එළවළු කෑම පාර්සලයක් රු 160ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රු.230 - රු.250ත් අතර වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 13:01