May 03, 2024

ගණිතය ඉගෙන ගන්න මෙන්න වෙබ් අඩවිය

මෙරට අධ්‍යාපනය හඳාරන දූ දරුවන්ගේ ගණිතමය විෂය ඉගෙනීමේ හැකියාව වඩාත් පහසු කිරීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.www.mathssir.lkනම් වන මෙම වෙබ් අඩවිය හරහා එකී ගණිතමය හැකියාව වඩාත් දියුණු කර ගැනීමේ හැකියාව සිසු සිසුවියන්ට දැන් උදා වී ඇති බවයි මේහි නිර්මාතෘ ජයසුන්දර ආරච්චිලාගේ ගුණසිරි ගුරු මහතා පෙන්වා දෙන්නේ.

මෙම වෙබ් අඩවිය මෙවැනි අංශයක් යටතේ දියත් වූ ප්‍රථම සහ පළමු අධාපනික වෙබ් අඩවිය වන අතර අන්තර්ජාලය හරහා නොමිලේ දැනුම ලබා ගැනීමේ හැකියාව මෙමගින් උදා වී ඇත. එමෙන්ම ඉංග්‍රිසි, සිංහල සහ දමිළ යන භාෂා ත්‍රිත්වය යටතේම මෙහිදී දැනුම ලබා ගැනීමේ හැකියාව උදා වී තිබේ.

මේ හරහා සිසු සිසුවියන්ට පාසලේදී අතපසු වූ විෂය කරුණු පරිශීලනය කළ හැකි අතර 09 වන වසරේ සිට 11 වසර දක්වා වූ විෂය පරාසය ආවරණය කර ඇති බවද සඳහන් කරයි. විශේෂයෙන් අපොස සා/පෙළ විශය මාලාව යටතේ දරු දැරියන්ට සහය වීම මෙහි මූලික අරමුණ වෙයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගණිත ශාස්ත්‍ර විෂයෙහි ප්‍රධාන ආචාර්ය වන ගුණසිරි ගුරු මහතා මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කරන අතර ඔහු කොළඹ විශ්ව විද්‍යාලීය ආචාර්ය වරයෙකු ලෙස වෘත්තීය කටයුතු අරඹා වසර 25 ක පළපුරුද්දක් සහ අපොස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතුවල වසර 10 ක පළපුරුද්දක් සහිත ගුරුවරයෙකි. දැනට ජාත්‍යන්තර අධාපනික ආයතන සහ සඟරා රැසක උපදේශන ලබාදීමද ගුණසිරි මහතා අතින් සිදු කෙරේ.

Rate this item
(9 votes)