May 03, 2024

ලෝක ව්‍යාපාරික වර්ගීකරණයේ ලංකාව තවත් පසුපසට

රටවල් 189 ක් සම්බන්ධ කරගනිමින් සිදුකර තිබෙන වර්ගීකරණයකදී ලෝකබැංකුව පවසා ඇත්තේ වාණිජ ක්ෂේත්‍රයේ නීතිමය කටයුතු අධිකරණ මගින් විසඳා ගැනීම සඳහා ලංකාවේදී වසර 04 ක් තරම් කාලයක් ගතවන බවයි.

ඒ අනුව ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් වර්ගීකරණය කරන ලෝක බැංකුවේ නවතම “Doing Business“ 2015 වර්ගීකරණයේදී ශ්‍රී ලංකාව 85 වන ස්ථානයේ සිට 99 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.

සමාගම්වලට ලංකාවේදී බදු ගෙවීම සඳහා වැඩි පිරිවැයක් යනබවද මෙම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

මෙම වර්ගීකරණයට අනුව 2013 වසරේදී ලංකාව 81 වන ස්ථානයේ තිබූ අතර 2014 දී එය 85 වන ස්ථානය දක්වා පහළ වැටී ඇත.

ලෝක බැංකුවේ “Doing Business“ 2015 වර්ගීකරණයට අනුව ඉන්දියාවට 142 වනස්ථානය හිමිව තිබෙන අතර පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ සිංගප්පූරුවයි.

දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය හොංකොං රාජ්‍යයටත්, සිව්වන ස්ථානය ඩෙන්මාර්කයටත්, පස්වන ස්ථානය දකුණු කොරියාවටත් ලැබී ඇත.මේ සම්බන්ධයෙන් විස්තර සඳහා මේ ලින්ක් එක බාවිතා කරන්න http://www.doingbusiness.org/rankings

Rate this item
(0 votes)