May 02, 2024

ඉසූසූ නියම අමතර කොටස් අලෙවියට සතොස මෝටර්ස් අටවැනි ශාඛාව දඹුල්ලට

November 10, 2021

ඉසූසූ වෙළෙඳ සන්නාමය යටතේ ඕනෑම වර්ගයක වාහනයකට අවශ්‍ය නියම අමතර කොටස් සාධාරණ මිලකට ලබා ගත හැකි අයුරින් සතොස මෝටර්ස් පුද්ගලික සමාගමේ දඹුල්ලේ ශාඛාව දඹුල්ල, අනුරාධපුර පාර, අංක 738 දරණ ස්ථානයේදී විවෘත කෙරිණි.  

සතොස මෝටර්ස් පුද්ගලික සමාගම විසින් දඹුල්ල නගරය කේන්ද්‍ර කරමින් විවෘත කරනු ලැබුවේ ඉසූසූ අමතර කොටස් අලෙවි කිරීමේ සිය 8 වැනි මධ්‍යස්ථාන ශාඛාවය.

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ, චාමින්ද සිරිසේන සහ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ සතොස මෝටර්ස් දඹුල්ල අමතර කොටස් අලෙවි කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපතිවරයා සමඟ රන්ගිරි දඹුල්ල රජ මහා විහාරයේ පූජ්‍ය දෙණියාගම ආනන්ද හිමියන් වැඩම කර සිටියේය.

මේ අවස්ථාවට සතොස මෝටර්ස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත පෙරේරා, සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) ඩර්ක් ජෝෂුවා, සාමාන්‍යධිකාරී (සේවා) ලසිත මෙන්ඩිස්, අමතර කොටස් අලෙවි ප්‍රධානි දමින්ද අනුරංග මහත්වරු ද එක් වී සිටියහ.

ඉසූසූ රථවාහන, අමතර කොටස් අලෙවිය සහ සියලුම සේවා පහසුකම් සපයනු ලබන සතොස මෝටර්ස් පුද්ගලික සමාගම ඉදිරියේදී දීපව්‍යාප්තව ඉසූසූ අමතර කොටස් අලෙවි මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 14:32