May 03, 2024

ලෝක බැංකුවට සහ IMF වෙනුවට විකල්පයක් ජනපති සොයා ගනී

චීනය විසින් ආරම්භ කළ ආසියානු යටිතල පහසුකම් හා ආයෝජනය සඳහා වන බැංකුවේ කොටස්කරුවෙකු බවට ලංකාව පත්වන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) සිදුකළ අයවැය කතාවේදී පැවැසීය.

චීනය ඇතුළුව මෙම බැංකුව සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශයල,කුවේටය, ලාඹ්සය, මැලේසියාව, මොංගෝලියාව, තායිලන්තය, සිංගප්පූරුව, කටාර් ඇතුලු රටවල් 21ක් ඇතුළත් වෙයි.

ඇමෙරිකාවේ පිහිටා ඇති ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස මෙම බැංකුව ස්ථාපිත කොට තිබේ,

කෙසේවෙතත් ජපානය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව හා ඉන්දුනිසියාව මෙහි කොටස්කරුවෙකු බවට පත්ව නොමැත.

 

Rate this item
(0 votes)