May 03, 2024

ලොව උසම සිරස් උද්‍යානය ශ්‍රී ලංකාවෙන් (Video)

2016 අප්‍රේල් මස වැඩ අවසන් කිරීමෙන් පසු මහල් 50කින් සමන්විත Clearpoint Residencies ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ උසම සිරස් අතට තැනූ උද්‍යාන මහල්නිවාස සංකීර්ණය බවට පත් වනු ඇත. ලංකාවේ ප්‍රථම ධරණීය මහල් ගොඩනැගිල්ල ලෙස ඉදි කරනු ලබන මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එහි බාහිර ප්‍රදේශය අඹ ඇතුළුවෙනත් ශාකවලින් සමන්විත මලුවලින් අලංකාර කර තිබිමයි. මෙසේ ශාක වවන ලදගොඩනැගිල්‍ලේ පිට ප්‍රදේශය සෘජු සූර්ය රශ්මියෙන් එය ආරක්ෂා කරනු ඇති නිසාඑහි උෂ්ණත්වය පාලනය කිරීමටත් නැවුම් වාතාශ්‍රය ඒ තුළට ගෙන ඒමටත් මේ මගින් මහඟු සහයෝගයක් වනු ඇත.

මෙය Milroy Perera Associates සහ Maga Engineering යන සමාගම් අතර ඒකාබද්ධව්‍යාපෘතියක් ලෙස එළිදැක්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූර්ත දේපළද්වාර Lamudi මෑතක දී මෙහි සංවර්ධකයන් සමග ගිවිසුමකට එළැඹි අතර එහිප්‍රතිඵලයක් ලෙස Clearpoint Residencies හි දේපළ සිය වබේ අඩවියට ඇතුළත්කිරීම සිදු විය. මේ අනුව කාමර දෙකේ මහල් නිවාසවල සිට අධි සුඛෝපභෝගී උපගෘහ දක්වා විහිදෙන දේපළ රැසක් Lamudi Sri Lanka ඔස්සේ නැරඹීමට අවස්ථාවඋදාවෙයි.

ගෘහ නිර්මාණ ශිල්පී Milroy Perera මහතා විසින් සාම්ප්‍රදායික සඳලුතල වෙනුවට බොහෝ ඉඩ පහසුකම්වලින් සමන්විත එළිමහන් මලු නිර්මාණය කිරීමේ ක්‍රමයක් මෙම ගොඩනැගිල්ල සඳහා යොදාගෙන ඇත. මෙය දැඩි සූර්ය රශ්මියෙන් ආරක්ෂා කිරීමටත් සිසිලසක් ලබා දීමටත් අරමුණු කර ගත්අඹ ශාක රෝපණය කිරීම, මෙම මලු වටා සිදුකර ඇති අයුරු දැක ගත හැකිය. මෙම ශාක මගින් අවට පරිසරයට සෙවන සලසා දීම පමණක් නොව වාතය පිරිසිදු කිරීම හා ශබ්ද බාධකයක් ලෙස ක්‍රියා කිරීමත් සිදුකරනු ඇත. මීට අමතරව මෙහි නිවැසියන් හටතමන් කැමැති ශාකයක් රෝපණය කර ගැනීම සඳහාත් ඉඩකඩ ද වෙන්කරවා දී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 October 2014 16:50