May 03, 2024

‘HONDA’ යළි කැඳවයි - දෝෂය ‘airbags’

හොන්ඩා කාර් රථවල එයාබෑග් (airbags) පද්ධතියේ පවතින දෝෂ සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට අමෙරිකානු ප්‍රවාහන අමාත්‍යාංශයට අනුයුක්ත The National Highway Traffic Safety Administration(NHTSA) වෙත හැකි වූ බව පෙන්වා දෙයි.

ඒ අනුව මේ වන විට හොන්ඩා මාදිලියේ මෝටර් රථ මිලියන 7.8 ක් නැවත කැඳවීමට සමාගම පියවර ගෙන තිබේ.

අදාළ මෝටර් රථ සම්බන්ධයෙන් සිදු වූ අනතුරු සැලකිල්ලට ගනිමින් මෙම තහවුරු කිරීම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර ටොයෝටා සමාගමද සිය මෝටර් රථ දෝෂ සහිත වීම හේතුවෙන් නැවත කැඳවීමක් සිදු කර ඇති අතර මේ වන විට ඊට General Motorsසහ Hondaමාදිලි එක් වී තිබේ.

විශේෂයෙන් තෙත් පරිසර පද්ධතියන් තුළ මෙම මෝටර් රථ වැඩි වශයෙන් අනතුරුවලට භාජනය වීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස දන්වා ඇත.

Rate this item
(1 Vote)