April 28, 2024

නෙස්ලේ මුල් පුටු මාරුවේ

නෙස්ලේ ලංකා පී.එල්.සී. සමාගමේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ගනේසන් අම්පලවානර් මහතා නෙස්ලේ වියට්නාම ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ලබන පෙබරවාරි 01වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.

මේ හේතුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට ඉන්දියානු ශාඛාවේ ආහාර අංශයේ ව්‍යාපාරික විධායක කළමනාකාර ධූරය දරන ශිවානි හෙජ් මහත්මිය පත්කර තිබෙන බව නෙස්ලේ සමාගම සඳහන් කරයි.

අම්පලවානර් මහතා 2013ජනවාරි මාසයේ සිට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)