April 27, 2024

දිවි නැගුම 06 ඇරඹේ

දිවිනැගුම ජාතික ව්‍යාපාරයේ 6වැනි අදියර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු අතර ඊට සමගාමීව දිවයින පුරා පැවති උත්සව 56,088කට ලක්ෂ 20කට ආසන්න පිරිසක් එක්ව සිටි බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

පවුලේ ආර්ථිකය සහ පෝෂණය වැඩි දියුණු කරමින් දිවි නැගුම 6 වැනි අදියර ජනතාවගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය එළවළු සහ පලතුරු පිරිසුදුව සහ වියදමකින් තොරව ගෙවත්තෙන්ම සපයා ගනිමින් නිරෝගී ජන සමාජයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරිව අරඹා ඇත.

දිවි නැගුම වැඩසටහනේ ප්‍රථම අදියර 2011 මාර්තු මසදී ආරම්භ වී තිබුණි.

මෙවර, දිවි නැගුම 6 වැනි අදියර යටතේ රටපුරා ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 25ක්සවිබල ගැන්වීම සඳහා බීජ කට්ටල ලක්ෂ 25ක් සහ එළවළු පැළ ලක්ෂ 126ක්ද මෙහිදීබෙදා දෙනු ලැබීය.

 

Rate this item
(0 votes)