April 27, 2024

හමුදාවට විදුලිය සුර්ය බලයෙන්

කිලෝ වොට් 20ක ධාරිතවයකින් යුත් සුර්ය බල විදුලි ජනන ව්‍යාපෘතියක්  03 වැනි දා අනුරාධපුර දෙවන ඉංජිනේරුසේවා රෙජිමේන්තු කඳවුරු භූමියේදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. 

මෙම අවස්ථාවට සමගාමීව මෙවැනිම සුර්ය බල විදුලි ජනන ව්‍යාපෘති දෙකක් උතුරු මධ්‍යම නාවික මුලස්ථානය වන මැදවච්චිය පූනෑව නාවික කඳවුරු භුමියේ සහ පුත්තලම පාලවිය ගුවන් හමුදා මුලස්ථාන කඳවුරු භුමියේද නාවික හමුදාපතිවරයා සහ ගුවන්හමුදාවේ ඉංජිනේරු අධ්‍යක්‍ෂවරයා විසින් විවෘත කරනලදී.

හමුදා කඳවුරු ආශ්‍රිතව විශාල විදුලිබල පරිභෝජනයක් සිදුවන අතර මෙවැනි ව්‍යාපෘති තුලින් විදුලි බලය පිරිමැසීමට කටයුතුකිරිම ඉතාම දූරදර්ශි දැක්මක් සහිත ව්‍යාපෘතියක්වන අතර නුදුරේදී හමුදා කඳවුරු වල විදුලිබල අවශ්‍යතාවය මත සුර්ය පැනල භාවිතයෙන් ලබාගැනීමද මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණකි. 

තවද මෙම ව්‍යාපෘති තුලින් නිෂ්පාදනය තුලින් ඉතිරිවන විදුලි අතිරික්තය ජාතික විදුලි ජාලයට ලබාදීමේ හැකියාවද පවතී. මෙම ව්‍යාපෘතිය මගින් වසරකට රුපියල් මිලියන දෙකකට අධිකමුදලක් ඉතිරි කරගැනිමේ හැකියාවද පවතී.

මෙවැනි සුර්ය ව්‍යාපෘති දීර්ඝකාලීන ප්‍රතිලාභ සහිත වනවාක් මෙන්ම මේ වෙනුවෙන් භාවිත කරන විදුලි කෝෂ වස‍ර 25 ක් පමණ කාලයක් විදුලි නිෂ්පාදනයට යෙදවීමේ හැකියාව ඇත.

Rate this item
(0 votes)