April 27, 2024

‘DFCC Vardhana’ දැන් වැලිමඩටත්

‘DFCC Vardhana’ බැංකුව සිය නවතම ශාඛාව වැලිමඩ විවෘත කර තිබේ. ඒ සියලු පහසුකම් හා සේවාද සමගිනි.

වේගවත් වර්ධනයක් අත් කරගෙන සිටින මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ‘DFCC Vardhana’බැංකුව සිය ශාඛා ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

මෙම නව ශාඛාවේ ආරම්භය ‘DFCC Vardhana’බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂමන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජේෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් සිදු විය.

නව ශාඛාව ස්ථාපිත වීමත් සමගින් වැලිමඩ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ගනුදෙනුකාර පාරිභෝගිකයින් වෙත ‘DFCC Vardhana’savings,current accounts, personalloans, housing loans, education loans, vehicle leasing, gold jewellery pawning loans, business loansසහ විදේශීය මුදල් සේවා වන NRFC, RFC,NNRFC,money transferring පහසුකම්ද අන්තර්ජාල බැංකු සේවා සමගින්  දින 07 දීම පැය 24 පුරා ක්‍රියාත්මක call centre පහසුකම්වලින්ද යුක්තය.

මේ වන විට වසර 11 ක් මුල්‍ය සේවා පළපුරුද්දක් ඇති ‘DFCC Vardhana’ බැංකුව දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද ජාල ගතව පවති.

 

Rate this item
(0 votes)