April 28, 2024

සෞදි අරාබිය තෙල් සැර බස්සවයි

ලෝක වෙළඳ පොළට සැපයෙන බොරතෙල් ප්‍රමාණය වැඩිවීම නිසා බොරතෙල් මිල ගණන් මාස 47කට පසුව වාර්තාවූ අඩුම අගය දක්වා පහත බැස තිබේ. මේ අනුව, බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට ආසන්න අගයක් දක්වා පහත වැටී තිබෙනඅතර සෞදි අරාබිය විසින් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකරසැපයීම මෙම පහත වැටීමට ප්‍රධානතම හේතුවයි.

මේ අතර, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසා තිබෙන්නේ මේ වසරේදී ලෝකබොරතෙල් ඉල්ලුම තවදුරටත් අඩුවනු ඇති බවයි. ලෝක වෙළඳ පොළේමේ වනවිට බොරතෙල්මිල ගණන් අඩුවීම කෘත්‍රිම අඩුවීමක් බව ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වාදී තිබේ.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩුවෙද්දී සෞදි ආරාබිය විසින් ලෝක වෙළඳ පොළටසපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකිරීමට අමතරව අලෙවි කරන ඛනිජ තෙල්වල මිලඅඩුකිරීමටද පසුගියදා කටයුතු කළේය.

සෞදි ආරබිය විසින් මෙම මිල අඩුකිරීම සිදුකළේ ලෝක වෙළඳ පොළේ ඉල්ලුමටසාපේක්ෂව ඉහළ ඛනිජ තෙල් සැපයුමක් ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින්කරන තිබෙන පුරෝකතනය හේතුවෙනුයි.

Rate this item
(0 votes)