April 28, 2024

ලෝක දෑත් සේදීමේ මේ වසරේ ගිනස් වාර්තාව අපෙන්

ලෝක දෑත් සේදීමේ දිනේදි චීනය සතුව තිබු ගිනස් වාර්තාව බිඳ දමමින්  එක්දිනක වැඩිම දෑත් සේදීමේ  පිරිස ඇති රට වශයෙන් මෙම වසරේ වාර්තාව ශ්‍රීලංකාවට හිමි විය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් දොඩන්ගොඩ ඇලදුවදෙමළ විද්‍යාලයයේදී පැවැති උත්සවයකදී ගිනස් වාර්තා කමිටුවේ සභාපති ජැක්බ්‍රොක් බෑන්ඩ් මහතා  ඒ සඳහා හිමි සහතිකය යුනිලිවර් සමාගමේ අලෙවි අධ්‍යක්ෂසිද්ධාර් බෙනර්ජි වෙළෙද නාම කළමණාකරු සාලිත අලහකෝන් යන මහත්වරුන්ට පිරිනැමීය.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස සහ ළමාරක්ෂක සභා කටයුතුඅමාත්‍ය රංජිත් සෝමවංශ මහතා, පලාත් සභා මන්ත්‍රි සෙනල් වෙල්ගම යන මහත්වරුඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ

චීනයේ එක් දිනකදී තබා තිබු වාර්තාව දෙසීයකි ශ්‍රී ලංකාව එය අභිබවා යමින් හයසීය දෙනෙක් දෑත් සෝදා ඇත.

 

Rate this item
(0 votes)