April 28, 2024

නිරෝගී දිවියක අසිරිය ‘සුවසිරි’

‘Amãna Takaful’ යනු ඉස්ලාමීය ක්‍රමවේදය නිවරැදිව අනුගමනය කරමින් වෙළඳපොල කටයුතු සිදු කරන සමාගමක් බව එම සමාගම නිවේදනය කරයි.

ඒ අනුව යමින් සිය රක්ෂණ ක්ෂේත්‍රයේ නවතම රක්ෂණාවරණය හඳුන්වා දී ඇති බව ‘Amãna Takaful’ නිවේදනය කරයි. එනම් ‘Suwasiri’නමින් හැදින්වෙන මෙම නව රක්ෂණාවරණය ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම වඩාත් ගැලපෙන සෞඛ්‍ය රක්ෂණාවරණයක් වෙයි.

මෙම සෞඛ්‍ය රක්ෂණාවරණය සිය සිතැගි පරිදි තනි තනිව හෝ ආදරණීයන් සමග ලබා ගත හැකි බවත් සඳහන් වෙයි. රක්ෂණාවරණය සකස් කිරීමේදී සෞඛ්‍ය ගැටළු සහ අනතුරු පිළිබඳ දැඩි විමසිල්ලෙන් සොයා බලා කටයුතු කළ බවත් ඒ අනුව රක්ෂණ හිමියාට අවශ්‍යම වන පරිද්දෙන් මෙය සකස් කිරීමටත් පියවර ගෙන ඇති බවත් සඳහන් කරයි.

මෙහිදී රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් සඳහා වාර්ෂික ගාස්තුව රුපියල් 2222/= වන අතර වෛද්‍ය උපදේශන සේවා, රෝහල් ගාස්තු සහ අනෙකුත් සෞඛ්‍ය ආවරණ රැසක් මීට අදාළ වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 October 2014 10:21