May 02, 2024

‘HSBC’ ෆැෂන් ෂෝ එකට ‘Catwalk Team’ රෙඩී

ආසියාවේ ජනප්‍රිය විලාසිතා ප්‍රදර්ශනයක් වන ‘HSBC CFW Resort Show 2014’සඳහා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක වන රමනි ප්‍රනාන්දුගේ ‘Catwalk Team’ ශිල්පිනියන් එක් වී ඇත.

අදින් ඇරඹෙන මෙම විලාසිතා දැක්ම එළඹෙන 04 වැනිදා දක්වා පැවැත් වෙනු ඇති. ඒ මීගමුව Jetwing Blue සහ Jetwing Beachපරිශ්‍රයන් තුළය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රමනි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කර ඇත්තේ සෑම වසරකදීම පැවැත්වෙන ‘HSBC CFW Resort Show’එකකින් පසුව විලාසිතා ක්ෂේත්‍රයේ වර්ධනයක් දැකිය හැකි බවයි. තවද එක් විලාසිතාවක සිට අනෙක් විලාසිතාවක් සඳහා අවශ්‍යකරන කොණ්ඩා මෝස්තරයක් වූවද ඉතා ඉක්මනින් නිර්මාණය කිරීමට අවශ්‍ය අත්දැකීම මේ හරහා සිය කණ්ඩායමට ලැබී ඇති බවයි.

 

Rate this item
(0 votes)