May 02, 2024

ඉලක්ක ගත ඒ.පු ආදායම ඇ.ඩො 5000 ක්

තවත් වසර දෙකකින් මෙරට ඒක පුද්ගල ආදායම ඇ.ඩො.5,000 දක්වා වැඩිකර ගැනීම රජයේ අපේක්ෂාව බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම මීට වසර 8කට පෙර ඇ.ඩො. 800ක් බවත්, 2013දී එයඇ.ඩො.3,280ක් දක්වා වැඩි වී ඇති බවත් එහි සඳහන් වෙයි.

එමෙන්ම ලංකාවට පසුගිය වසරේ සංචාරකයන් ලක්ෂ 12ක් පැමිණ ඇති අතර  ඒ තුළින් ඇ.ඩො.බිලියන 1.5ක විදේශ විනිමයක් මෙරටට ලැබී ඇත.2016දී සංචාරකයන් ප්‍රමාණය දෙගුණයක් කර ගැනීමටත් අපේක්ෂා කරන බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Rate this item
(0 votes)