May 02, 2024

ඔබේ වර්ණය ඔබම දැකගන්න මෙන්න ඇප් එක

September 30, 2014

වර්ණ හඳුනාගැනීමේ පහසුව ඇති නවතම මොබයිල් ඇප් එකක් මෙරට දුරකතන පාරිභෝගිකයින් සඳහා හඳුන්වා දී තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් නිවසක බිත්තියේ ඔබ ලබා ගන්නා ඡායාරූපයක ගෘහ භාණ්ඩ පින්තූර වැනි දෑ වෙනම හඳුනා ගැනීමේ තාක්ෂණයෙන් යුක්ත වීමය.

ඒ අනුව ඔබ විසින් නිවසට භාවිතා කිරීමට උපකල්පනය කරනු ලබන වර්ණ අදාළ ඡායාරූපය මතින් දැක ගැනීමේ හැකියාව උදා වෙයි.

මෙම නව මොබයිල් ඇප් පහසුකම ඩියුලක්ස් සමාගම විසින් හඳුන්වා දී ඇති අතර එය නොමිලේ බාගත කිරීමේ හැකියාවද තිබේ.

ඇන්ඩ්‍රොයිට්, අයි ෆෝන්, ඇපල් සහ අයි පෑඩ් යන මාදිළි සඳහා මෙම නව මොබයිල් ඇප් එක භාවිතා කළ හැකිය.

මේ හරහා ඔබට අවශ්‍ය වර්ණ ඒ ආකාරයෙන්ම ලබා ගැනීමේ හැකියාවද උදා වී ඇති බවයි ඩියුලක්ස් සමාගම පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)