May 02, 2024

ඇ.ඩො.මිලියන 70ක ණයක් ප්‍රංශයෙන්

September 30, 2014

ප්‍රංශ සංවර්ධන ඒජන්සිය විසින් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 70ක ණය ආධාර මුදලක් ලබාදුන් බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

අඹතලේ ජල සැපයුම් පද්ධතිය නවීකරණය කිරීමේ හා බලශක්ති සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම මුදල් යොදවනු ඇති. එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 9,000ක් වෙයි.

ඒ අනුව, අදාළ ගිවිසුම් අත්සන් කිරීම මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදුවූ අතර, ප්‍රංශ සංවර්ධන ඒජන්සියේ අග්නිදිග ආසියානු කලාප අධ්‍යක්ෂ අවුඩේ ෆ්ලොග්නි මහත්මිය සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ඊට අත්සන් තබන ලදි.

Rate this item
(0 votes)