May 02, 2024

“සිසුසැරිය” රියදුරන්ට විශේෂ පුහුණුවක්

September 29, 2014

රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක කර ඇති “සිසුසැරිය” සේවාවේ යෙදෙන සියලුම බස්රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට  සැලසුම් කර ඇත. 

මෙහි පළමු අදියර යටතේ  බස්නාහිර, දකුණ, සබරගමුව හා  මධ්‍යම යන පළාත්වලින් තෝරාගත් සිසුසැරිය සේවාවේ යෙදෙන රියැදුරු හා කොන්දොස්තරවරුන් 375 දෙනෙකු සඳහා පුහුණුව ලබාදීමට නියමිතය.

පාසල් දරුවන්ව කලට වේලාවට,  සුවපහසුවෙන් යුතුව ආරක්ෂිතව පාසලට රැගෙන යාමට සහ නැවත ආරක්ෂිතව නිවෙස්කරා රැගෙන යාම, ඒ තුළින් ඔවුන්ට නිරවුල් මනසකින් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරතවීමට අවස්ථාව උදාකරදීම,  එම දරුවන්ගේ පවුල්වලට ආර්ථික සහනයක් හිමිවීම  සිසුසැරිය ව්‍යාපෘතියේ ප්‍රධාන  වාසි වේ.

එහෙත් පාසල් දරුවන් සඳහාම වෙන් වූ සිසුසැරිය සේවාවේ  යෙදෙන බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට  ඒ සඳහා විශේෂ වූ පුහුණු පාඨමාලාවක් මේ දක්වා ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් මෙය මහත් අඩුපාඩුවක් ලෙස හඳුනාගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වත්මන් පාලනාධිකාරිය විසින් මෙම විශේෂ පුහුණු පාඨමාලා පැවැත්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබයි.  

 

Rate this item
(0 votes)