May 02, 2024

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ජංගම දුරකථන යෙදවුමක්

September 29, 2014

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) අදාල සියලුම අන්තර්ගතයන් ඇතුලත් ජංගම දුරකථන යෙදවුමක් (mobile app) ලඟදීම ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව  1919 - ජංගම දුරකථන අන්තර්ගතයන් ඇතුලත් යෙදවුම නොමිලේ බාගත කර ගැනීමේ හැකියාව ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන අතර එමගින් අතිරේක පිරිවැයකින් තොරව ඕනෑම අවස්ථාවක සිය ජංගම දුරකථනය තුළින්ම රාජ්‍ය ආයතනවලින් සපයන සේවා පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබා ගැනීමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රොෂාන් දේවපුර මහතා ප්‍රකාශ කරයි.

මෙරට ජනගහනයට සාපේක්ෂව ජංගම දුරකථන භාවිතා වන ඉහළ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 1919 ජංගම දුරකථන අන්තර්ගතයන් ඇතුලත් යෙදවුම ප්‍රකාශයට පත් කිරීමට ICTA ආයතනය තීරණය කර ඇත.

ඉදිරියේ දී රාජ්‍ය ආයතනවලින් ලබා ගන්නා සේවා සඳහා මුදල් ගෙවීමේ හැකියාවද 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මඟින්ම ලබා දීමට ICTA ආයතනය සැලසුම් කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

Rate this item
(0 votes)