May 02, 2024

විදුලි ත්‍රී රෝද රථ ලංකාවටත් !

September 28, 2014

ජපානයේ ප්‍රමුඛතම විදුලි ත්‍රි රෝද රථ නිෂ්පාදන සමාගමක් වන Terra Motors Corporation විසින් ආසියානු වෙළඳ පොළට විදුලි ත්‍රී රෝද රථ සහ විදුලි යතුරු පැදි හදුන්වා දීමට සූදානම් වී ඇතැයි වාර්තා වේ. 

මේ වන විට ඉන්දීය සමාගමක් වන Rajkot-based manufacturer සමාගම සමඟ එකාබද්ධව ඉන්දීය වෙළඳ පොළට මෙම විදුලි ත්‍රි රෝද රථ හා විදුලි යතුරු පැදි ඔක්තෝම්බර් මාසය තුල හදුන්වාදීමට නියමිතය.

ලොව පුරා ජනතාව මේ වන විටත් විදුලි මොටර් රථ සඳහා බොහෝ දුරට නැඹුරු වී ඇති බවත් ඉන්ධන දහනය වීමක් නොවන නිසා එමඟින් පරිසරය රැක ගැනීමේ හැකියාව තිබෙන බවත් Terra Motors ප්‍රධාන විධායක නිළධාරී, ටොරු ටොකුෂිගේ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ත්‍රි රෝද රථ සඳහා වැඩි වෙළඳ පොළක් හිමිවන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය වැනි ආසියානු රටවලටයි. මේ වන විට බංගලාදේශය හා ඉන්දියාවට හදුන්වා දී ඇති මෙම විදුලි ත්‍රී රෝද රථ හා යතුරු පැදි ඉදිරියේදී ශ්‍රී ලංකා වෙළඳපොළටත් හඳුන්වා දීමට ඉඩ කඩ තිබේ

Rate this item
(3 votes)
Last modified on Monday, 29 September 2014 11:56