May 02, 2024

සේවක අර්ථසාධක අරමුදල් ආයෝජනය කරන්නේ ඇයි?

September 27, 2014

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) කිසිදු මුදල් හිඟයක් නොමැති බවත් අයදුම්පතක් ඉදිරිපත් කර සතියකින් පසු සාමාජික ප්‍රතිලාභ මුදල් ලබාගත හැකි බවත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙහි අඩුපාඩු ඇත්නම් සියලුදෙනා එකතු වී සාකච්ඡා කර නිවැරදි කිරීම සිදු කළ යුතු බව පවසන විශය භාර අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට සේවකයන්ගෙන් අය කරන්නේ 8%ක් ,12%ක් වැනි ප්‍රමාණයක බවත් නමුත් සිංගප්පූරුවේ සේවකයන්ගේ වැටුපෙන් 28%ක් සේවක අර්ථසාධක අරමුදලට බැර කෙරෙන බවත්ය.

සිංගප්පූරුව සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කර ඒ මුදල්වලින් රටේ වත්කම් තරකර ගන්නා බවත් ඒ අනුව රජයක් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ වරදක් නොමැති බවත් සඳහන් කරයි.

Rate this item
(1 Vote)