May 02, 2024

මෙන්න ලාංකිකයන්ට අලුත්ම මොබයිල් ඇප් එකක්

September 26, 2014

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) නවතම මොබයිල් ඇප් එකක් හඳුන්වා දෙන්නට පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකාවේ ජංගම දුරකතන භාවිතා කරන්නන්ට මෙම ඇප් පහසුකම නොමිලේ ලබා ගනිමින් එය අත්විදීමේ හැකියාව වැඩි ඈතක නොවන බවයි වාර්තා වෙන්නේ. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) අදාළ සියලුම අන්තර්ගතයන් ඇතුලත් ජංගම දුරකථන යෙදවුමක් (mobile app)මේ හරහා ළඟදීම ප්‍රකාශයට පත්කරන බවයි ඉන් සඳහන් වන්නේ.

ඒ අනුව  1919 - ජංගම දුරකථන අන්තර්ගතයන් ඇතුලත් යෙදවුම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ඕනෑම පුද්ගලයෙකුට ලැබෙන බවත්, අතිරේක පිරිවැයකින් තොරව ඕනෑම අවස්ථාවක සිය ජංගම දුරකථනය තුළින්ම රාජ්‍ය ආයතනවලින් සපයන සේවා පිළිබඳ තොරතුරු හා උපදෙස් ලබාගැනීමට හැකිවන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා පෙන්වාදෙයි.

මෙරට ජනගහනයට සාපේක්‍ෂව ජංගම දුරකථන භාවිතා වන ඉහළ ප්‍රතිශතය සැලකිල්ලටගෙන 1919ජංගම දුරකථන අන්තර්ගතයන් ඇතුළත් යෙදවුම ප්‍රකාශයට පත් කිරීමට ICTA ආයතනය තීරණය කර ඇත.

ඉදිරියේ දී රාජ්‍ය ආයතන වලින් ලබා ගන්නා සේවා සඳහා මුදල් ගෙවීමේ හැකියාවද1919රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මඟින්ම ලබාදීමට ICTA ආයතනය සැලසුම් කර තිබේ.

Rate this item
(0 votes)