May 04, 2024

කාඩ් එක ‘HSBC’ නම් ‘Oman Air’ චාන්ස් එකක්

September 25, 2014

ඕමාන් ජාතික ගුවන් සේවා සමාගම වන ‘Oman Air’ ගුවන් සමාගම ‘HSBC’ සමාගම සමග ව්‍යාපාරික එකඟතාවයකට පැමිණ තිබේ. ඒ බව දන්වමින් ‘Oman Air’ නිවේදනය කරන්නේ ඒ සමගින් සිය ගුවන් සේවා ලබන පාරිභෝගිකයන් වෙත පහසුකම් සහ සේවා රැසක් අත්විඳිය හැකි බවයි.

ඒ අනුව ‘Oman Air’ ගුවන් ගමන් සිදු කිරීමේදී ‘HSBC’ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට 15% බැගින් වූ විශේෂිත වට්ටම් හිමි වීමද විශේෂත්වයකි.

යුරෝපය, මැදපෙරදිග ,දකුණු ආසියාව සහ අප්‍රිකාව ආදී සියාසර ගමනාන්තයන් සඳහා මෙම විශේෂීත වරප්‍රසාදය හිම වේ.

මීට අමතරව London, Zurich, Paris, Frankfurt, Munich,Milan, Chittagong, Kathmandu, Islamabad, Karachi, Lahore, Cairo, Dar es Salaam, Zanzibar, Muscat, Dubai, Abu Dhabi, Kuwait, Bahrain, Doha, Jeddah, Dammam, Madinah, Riyadh,Tehran, Amman, Beirut සහ Salalah ආදී ගමනාන්තවලටද කලින් වෙන් කරගන්නා ගමන් වාර සඳහාද මෙය වලංගු බව නිවේදනය කරයි.

මෙම වරප්‍රසාදය 2014 සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසයන් තුළ කාලපරිඡ්චේද දෙකකදී වලංගු වෙයි.

ගුවන් සේවා සමාගම් අතර කීර්තිමත් සමාගමක් වන ‘Oman Air’ ගුවන් සමාගම සිය ගනුදෙනුකාර පාරිභෝගිකයන් උදෙසා මෙවැනි සේවා ජාලයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත්තේ සිය සේවා ජාලයේ ඇති සුවිශේෂීත්වය තව දුරටත් පාරිභෝගිකයාට සමීප කිරීමේ අරමුණින් බවයි ‘Oman Air’ හී ශ්‍රී ලංකා  සහ මාලදිවයින් සඳහා වන කළමණාකාර ගිහාන් කරුණාරත්න මහතා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)