May 04, 2024

මිහින් ලංකා මත්තලින්

September 24, 2014

මිහින් ලංකා ගුවන් සමාගම (MRIA) මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ගුවන් සේවා කටයුතු ආරම්භ කොට තිබේ. ඒ අනුව ඉන්දියාවේ ගමනාන්ත 03 ක් වෙත ළඟාවීමේ හැකියාව දැන් මත්තල සිට ජනතාවට උදා වී තිබේ. ඒ මදුරෙයි, ගයා සහ වරනාසි යන ගුවන් ගමනාන්තයන් වෙතයි. මීට අමතරව උත්සව කාලසීමාවන්වලදී ඉන්දුනීසියා වෙත පියාසර කරන බවද දන්වා සිටි.

ශ්‍රී ලංකාවේ එකම අඩු ගුවන් ගාස්තු සහිත ගුවන් සේවාව ලෙස මිහින් ලංකා ගුවන් සේවය මෙරට ගුවන් ගමන් කටයුතු සිදු කරන බවද නිවේදනය කරයි.

නවතම ගුවන් තොටුපලක් වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වන විට අති නවීන පහසුකම් සහ සේවාවලින් සමන්විත වන අතර නුදුරේදීම එය ජාත්‍යන්තරයේ කීර්තිමත් ගුවන් තොටුපළක් බවට පත්වනු ඇති බවද මිහින් ලංකා සමාගමේ අදහසයි.

ඉදිරියේදී මිහින් ලංකා සමාගම ඉන්දියාවේ අනෙකුත් ගුවන් ගමනාන්ත, මාදපෙරදිග සහ දකුණු ආසියානු ගමනාන්ත වෙතද පියාසර කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

Rate this item
(0 votes)