May 04, 2024

ඩිජිටල් ‘නාලිකා’ අත ළඟ

September 24, 2014

ඩිජිටල් තාක්ෂණයේ වේගවත් දියුණුවක් ලබා ඇති ජපානය ලංකාවේ ඩිජිටල් තාක්ෂණීක පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලකට පියවර ගෙන ඇත.

ඒ අනුව රූපවාහිනීවිකාශන කටයුතු ඩිජිටල්කරණය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 13,717 ක (රු.මිලියන 17,396ක) ණය මුදලක් ලබාදීමට ජපන් රජය එකඟ වූ බව මුදල්අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවෙකු සහ ඩිජිටල් තාක්ෂණයේවිශිෂ්ඨයෙකු වන ජපන් රජය සමග සිදුකරන ලද ද්වීපාර්ශ්වික සාකච්ඡාවන්හිප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවන බවද පවසයි.

එම ණය මුදල ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) හරහා මෙරටට ලැබෙනබවත්, මෙම මූල්‍ය සහාය ලබාගැනීමට අදාළ ගිවිසුමට මුදල් හා ක්‍රමසම්පාදනඅමත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ජයිකා ආයතනයේ ප්‍රධාන නියෝජිතකියෝෂි අමාඩා මහතා විසින්  මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදීඅත්සන් කර තිබේ.

Rate this item
(0 votes)