May 04, 2024

මෙරට කාර්මික අපනයන අගයන් ඉහළින්

September 23, 2014

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සියයට 11.1 කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය දකුණු ආසියානු කලාපීය රටවලට සාපේක්ෂව වේගවත් ආර්ථික වර්ධනයකට හිමිකම් කියන බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ වසරේ ජූලි මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 955 ක අගයක් පෙන්නුම් කරන අතර එය සියයට 11.1ක වර්ධනයක් බවද මේ වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සමුච්චිත අපනයන ආදායම සියයට 15.9ක වර්ධනයක් වාර්තා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව දත්ත වාර්ථා සඳහන් කරයි.

සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩයන් මෙම අපනයන ආදායමේ වර්ධනයට දායකත්වය සැපයූ අතර විශාලතම දායකත්වය කාර්මික අපනයනයන්ගෙන් ලැබී තිබෙන බවද පැවසේ.

එය අමෙරිකානු ඩොලර් මිලියන 699ක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)