May 04, 2024

ලංකා බැංකුවේ ‘Smart Remit’ වෙතින් පහසුකම් රැසක්

September 23, 2014

මෑතකදී හඳුන්වාදුන් BOC Smart Remit පහසුකම් යටතේ විදේශ රටවල සිටින ඕනෑම කෙනකුට ලංකාවේ තම නෑදෑ හිතමිතුරන්ට ඉක්මනින් මුදල් යැවීමේ හැකියාව උදා වී තිබේ. මෙම ක්ෂණික මුදල් ප්‍රේෂණ ක්‍රමය ඉතාමත් සරල ආරක්ෂාකාරී සහ විශ්වාසදායී ක්‍රමයක් ද වෙයි.විදේශ රටවල සිට යොමු කරන මුදල් එවෙ‍ලේම ඔවුන් අතට පත්වීම මෙහි ඇති සුවිශේෂත්වයකි. දිවයින පුරා තිබෙන ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් මුදල් ලබාගැනීමටද ඔවුන්ට හැකිය. මෙවැනි ක්‍රමයක් හඳුන්වාදීමේ මූලික අරමුණ වුයේ නීත්‍යනුකූල නොවන ක්‍රමවලින් මුදල් එවන පිරිසට විශ්වාසදායී මුදල් එවීමේ ක්‍රමයක් හඳුන්වාදීමයි.

එමෙන්ම ලංකා බැංකුව මගින් ඉහළ ‍පොලී අනුපාතයක් සහ ඉහළ විනිමය අනුපාතයක් ගනුදෙනුකරුවන්ට ලබාදීමත් සිදුකරයි. විදේශ ප්‍රේෂණ හිමියන්ට මෙන්ම NRFC ගිණුම් හිමියන්ටත් ලංකා බැංකුව සමග ගනුදෙනු සිදුකළ විට ජීවිත රක්ෂණාවරණයක් ඇතුළු ප්‍රතිලාභ රැසකට හිමිකම් ලැබිය හැකිවීම තවත් විශේෂත්වයකි.

විදේශ ප්‍රේෂණ එවන පුද්ගලයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා ප්‍රාදේශීය මට්ටමින් විදේශ වැඩමුළු පැවැත්වීම මගින් ඔවුන් දැනුවත් කිරීමටද ලංකා බැංකුව පියවර ගෙන ඇති බව සඳහන් කරයි. නැවත ලංකාවට පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය අනුව ස්වයං රැකියා ණය, නිවාස ණය ලබාදීමද මෙහිදී සිදු කෙරේ. ලංකා බැංකුවේ අනේවාසික විදේශ මුදල් හිමියන්ට ඔවුන්ගේ ගිණුමට එවන පළමු තැන්පතුවට ඩොලර් පහක තිළිණයක් ලබාදීම සිදු කෙරෙන බවද දන්වයි.

අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) ක්‍රමය හඳුන්වාදුන් පළමු ශ්‍රී ලාංකේය බැංකුවලෙස ලංකා බැංකුව හඳුනාගත හැකිය. මෙම ගිණුම් ක්‍රමය හඳුන්වා දුන්නේ 1977 දීය. ලංකා බැංකුව මේ වන විට විදේශ ප්‍රේෂණවලින් සියයට 40ක් වූ වෙළෙඳ‍පොළ කොටසකට හිමිකම් කියන අතර අනේවාසික  විදේශ මුදල් වෙළෙඳ‍පොළෙන් 35 ක ප්‍රතිශතයක් ලබාගෙන ඇත.

 

Rate this item
(0 votes)