May 03, 2024

අමානා බැංකුවේ ඉතුරුම් මෙන්න

September 20, 2014

අනාගතය වෙනුවෙන් ඉතිරි කරන සියලූ පාරිභෝගිකයන් වෙත ප‍්‍රතිලාභ රැසක් අත්කර දෙන, අමානා බැංකුවේ ඉතුරුම් සැලසුම පසුගියදා එළිදැක්විණි. මෙම නව ඉතුරුම් සැලසුම සමග ඉහළ ලාභ අනුපාතයක් මෙන්ම, ඉතිරිය සමග වර්ධනය වන ටකාෆුල් ජීවිත රක්ෂණයක් ද පාරිභෝගිකයන් වෙත හිමි වේ.

මේ පිළිබඳව අදහස් දක්වන අමානා බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි මොහොමඞ් අස්මීර් මහතා‘අපි බොහෝ සෙයින් සතුටට පත්වෙනවා මෙවන් ඉතුරුම් සැලසුමක් හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව. ඉතිරිය කියන්නේ අතිශය වැදගත් කරුණක්.දරුවන්ගේ උසස් අධ්‍යාපනය, විවාහ උත්සව ආදී අනාගත මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා එය විශාල ශක්තියක් වනවා. ඊට අමතරව තවත් ප‍්‍රතිලාභයක් ලෙස හිමි වන ටකාෆුල් රක්ෂණ ආවරණය තුළින් ඉතුරුම් සීමා සම්පූර්ණ කරන පාරිභෝගිකයන්හට සුවිශේෂී ජීවිත රක්ෂණයක් ද හිමිවෙනවා’ යනුවෙන් පවසා සිටියේය.
අමානා බැංකුවේ පාරිභෝගික කටයුතු සහ අලෙවි උප සභාපති සිද්දික් අක්බාර් මහතා අදහස් දක්වමින්‘පරිභෝගිකයන්ගේ ඉතුරුම් අවශ්‍යතාවයන් හා මනාව ගැළපෙන අයුරින් නම්‍යශීලීව හා බහුවිධ විසඳුම් ඇති ආකාරයෙන් මෙම ඉතුරුම් සැලසුම නිර්මාණය වී තිබෙනවා. රු.1,667ක් වැනි අවම ඉතිරියක් සමග තම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීමට මේ තුළින් පාරිභෝගිකයන් හට හැකියාව ලැබෙනවා’යනුවෙන් පවසා සිටියේය.
වයස අවුරුදු 18 සිට 55 දක්වා වූ පාරිභෝගිකයන් හට රු. 100,000 සිට රු. 5,000,000 දක්වා වූ පරාසයක් තෙක් මෙම ඉතුරුම් සැලසුම සඳහා අයදුම් කළ හැකිය. ඒ සඳහා අවුරුදු 1 සිට 5 දක්වා කාල සීමාවක් ද හිමි වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු, දිවයින පුරා විසිරුණු අමානා බැංකු ශාඛා 24 න් හෝ 011 7756756 අංකයෙන් ලබාගත හැකිය.

Rate this item
(0 votes)