May 03, 2024

නොමිලේ පාඨමාලා රැසකට සහභාගීවීමේ අවස්ථාව

September 19, 2014

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික්කාර්යාලය මගින් ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණය පිළිබඳපාඨමාලාවක් නොමිලේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ අවුව එළඹෙන ඹක්තෝබර් මස 15 වෙනිදා සිට මෙය ඇරඹීමට කටයුතු සූදානම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්තයක්පවත්වාගෙන යනු ලබන අය සදහා දින 5ක පුහුණු පාඨමාලාවක් වන මෙම වැඩසටහන සදහා සහභාගිවන්නන්ටසහතිකයක් ද ලබාදීමට නියමිත බව සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසායසංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය‍නිවේදනය කරයි.

මෙම පාඨමාලාව යටතේ රෙදි මත මුද්‍රණය, සෙරමික් හා ටයිල්ස් මතමුද්‍රණය, විසිටින් කාඩ්ස්, උපන්දින කාඩ්ස්, ටැග්, වෙඩින් කාඩ්ස් මුද්‍රණයහා එම්බෝස් කිරීම, සියළුම පොලිතින් වර්ග මුද්‍රණය, අත්කම් භාණ්ඩ වර්ගමුද්‍රණය, බෑග් වර්ග,පාවහන්,කුඩ මත මුද්‍රණය වැනි අංශ පිළිබඳ පුහුණුවක් ලබාදෙනු ඇත.

නවීන මෝස්තර නිර්මාණය, අමුද්‍රව්‍ය ඵලදායීව භාවිතය පිලිබඳ තාක්ෂණයහා ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය ලබා ගන්න ස්ථාන පිළිබඳව ද මෙහි දීතොරතුරු ලබා දීමට නියමිතය.

වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල්ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009/0713660033 යන දුරකථන අංකයන්ට අමතා හෝ idbcolombo@gmail ට ඊමේල් පණිවිඩයක් මගින් ලබාගත හැකි වේ.

Rate this item
(0 votes)