May 03, 2024

පැය 24න් නැණසලක් හදයි

September 19, 2014

පැය විසිහතරක් ඇතුළත සියලු කටයුතු සම්පුර්ණ කර නව නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

දිනක්  වැනි කෙටි  කාලයක් තුළ නැණසල මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම ග්‍රාමීය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන ඉතිහාසයේ වාර්තාවක් විය හැකි  බව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ විද්වත්හු පෙන්වා දෙති.

වැලිමඩ, ගුරුතලාව, නැදුන්ගමුව ශ්‍රී  ජයසුමනාරාම විහාරස්ථානයේ දී මෙම නැණසල මධ්‍යස්ථානය ස්ථාපිත කෙරිණි. 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ  උපදෙස් පරිදි මෙම නැණසල මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සිදු කර ඇත. 

නැණසල දහස ව්‍යපෘතිය යටතේ ස්ථාපිත කෙරුණු 821වන නැණසල මධ්‍යස්ථානය මෙය වේ. 

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් එය විවෘත කිරීම සිදු විය.

Rate this item
(0 votes)