May 05, 2024

2015 දී එළිදකින මාවරමන්ඩියේ ආයෝජනය වැඩ අරඹයි

September 10, 2014

එංගලන්තයේ Wilkins Group නැමති සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 03 ක පමණ ආයෝජනයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාවරමණ්ඩියේ අති නවීන ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ගොඩනැගීමට සූදානම් වෙයි.

මෙම ව්‍යාපෘතිය සඳහා Wilkins Spence Sri Lanka යනුවෙන් සමාගමක් පිහිටුවා තිබෙන අතර පසුගියදා මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කරන ලදී.

වර්ග අඩි 40,000 කින් සමන්විත මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2015 වසරේ මැද භාගයේදීයි.

මෙම සමාගම ඇමරිකාවේ හා යුරෝපීය සංගමයේ කැපී පෙනෙන සන්නාම සඳහා ඇසුරුම්විසඳුම් ලබාදෙන අතර නව කර්මාන්ත ශාලාව සඳහා බඳවා ගන්නා 150 ක් වන සේවකපිරිසට යුරෝපීය සංගමයට සහ ඇමරිකාවට අදාළ වන මුද්‍රණ හා තත්ත්ව සහතිකපිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට අදහස් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 September 2014 14:22