May 05, 2024

ශ්‍රී ලන්කන් ගුවන් නව උපාය මාර්ගික වැඩපිළිවෙලක

September 08, 2014

ආසියා ශාන්තිකර කලාපය තුළ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධානයක් වන APOT. Asia සමාගම සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එක්වුණි.

ආසියා ශාන්තිකර කලාපය තුළ සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධානයක් වන APOT. Asia සමග සංචාරක ප්‍රවර්ධන මූලෝපායයන් ව්‍යාප්ත කරමින් කලාපීය සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් දියත් කිරීමට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමට මෙයින් හැකියාව ලැබි ඇත.

නව සංචාරක කලාප වෙත බොහෝමයක් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම අරමුණු කරගනිමින් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් හඳුන්වා දෙන ගෝලීය සංවිධානයක් ලෙසින් APOT. Asia සංවිධානය හඳුන්වා දිය හැක. ගුවන් සේවාවන් හි අභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන්, ගුවන් සේවා ආහාරපාන සපයන්නන්, ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවන්, ගුවන් සේවා කළමනාකරුවන්, සත්කාරක පාර්ශ්වකරුවන් සහ මාධ්‍ය සංවිධාන යනාදිය මෙහි සමාජිකත්ව ජාලයට ඇතුළත් වේ.

Rate this item
(0 votes)