May 05, 2024

‘සිනමන් රෙඩ්’ කොළඹින් කළඑලි බසී

September 04, 2014

වසර 2016 වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශීය සංචාරකයින් සඳහා අලුතින් හෝටල් කාමර 50,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ කොළඹ ඉදිවූ අළුත්ම හෝටලය වන සිනමන් රෙඩ් හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

අලුතින් ඉදිකරන ලද සිනමන් රෙඩ් හෝටලයට රුපියල් බිලියන 3.5ක් ආයෝජනය කර ඇති අතර කාමර සංඛ්‍යාව 243කි. සම්මන්ත්‍රණ ශාලා, පිහිනුම් තටාක ඇතුළු සියලු පහසුකම්වලින් එය සමන්විතය. කොළඹ 03 ආනන්ද කුමාරස්වාමි මාවතේ මෙය පිහිටා තිබේ.

මෙම විවෘත කිරීම සනිටුහන් කරමින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති අජිත් ගුණවර්ධන මහතා විසින් සිනමන් රෙඩ් සාමාන්‍යාධිකාරී ටෙරන්ස් ප්‍රනාන්දු මහතා වෙත එහි ධජය සංකේතාත්මකව පිරිනමන ලදී.

ජෝන්කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුසන්ත රත්නායක, ජෝන් කීල්ස් සමූහව්‍යාපාරයේ උප සභාපති අජිත් ගුණවර්ධන, සැන්සිටි හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පුද්ගලික සමාගමේ සභාපති මහේන් වීරසේකර සහ සිනමන් රෙඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී ටෙරන්ස් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 September 2014 14:02