May 05, 2024

“යුනියන් සුපර් ඉන්වෙස්‌ටර්” දැන් වෙළඳපොලේ

September 03, 2014

යුනියන් ඇෂුවරන්ස්‌ සමාගම විශිෂ්ටත්වයේ තවත් පියවරක්‌ ඉදිරියට ගෙනයමින් සුවිශේෂී නව සැලසුමක්‌ හඳුන්වා දෙන්නට පියවර ගෙන තිබේ.

කෙටි කාලීන ආයෝජන සැලැස්‌මක්‌ සඳහා වෙළෙඳපොළේ ඇති ඉල්ලුම මැනවින් වටහා ගනිමින් මෙසේ හඳුන්වා දී ඇති සැලසුම නම්කර ඇත්තේ “යුනියන් සුපර් ඉන්වෙස්‌ටර්”නමිනි.

“යුනියන් සුපර් ඉන්වෙස්‌ටර්”යනු නැණවත් ආයෝජකයෙකුට ඉතා ඉහළ වටිනාකමක්‌ ලබාදෙන ආයෝජන සැලැස්‌මකි. පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ වන මෙය කල්පිරීමේදී වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබාදෙයි.

ඒ නිසා අනාගතයේදී සුන්දර විවාහ මංගල්‍යයක්‌ පැවැත්වීමට හෝ තම සිහින නිවස තනා ගැනීමට කල්යල් බලන ඕනෑම කෙනෙකුට එය ඉතා හොඳින් ගැළපේ. එමෙන්ම එය විශ්‍රාම ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට අවශ්‍ය අතිරේක ආදායම් මාර්ගයක්‌ බවටද පත් කරගත හැක. ඒ නිසා “යුනියන් සුපර් ඉන්වෙස්‌ටර්”යනු ආයෝජනයේ නිම් වළලු පුළුල් කරන නිර්මාණශීලී සැලසුමක්‌ ලෙස හැඳින්විය හැක.

Rate this item
(0 votes)