April 28, 2024

සිෂෙල්ස් රාජ්‍යයේ දූත පිරිසක් අද මහ බැංකුවේදී අධිපති හමුවෙයි

සිෂෙල්ස් රාජ්‍යයේ ආර්ථික අමාත්‍ය Pierre Laporteමහතා සහ දූත පිරිසක් අද ශ්‍රී ලංකා මහ බැංකුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමු විය.

අද සිදු වුණු මෙම හමුවේදී දෙපාර්ශවය අතර ආර්ථික අතින් දෙරටටම වැදගත් කරුණු කෙරෙහි සාකච්ඡා සිදු වූ බවයි මහ බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

සිෂෙල්ස් රාජ්‍යයේ ආර්ථික අමාත්‍ය Pierre Laporteමහතා මීට පෙර එරට මහ බැංකුවේ අධිපතිවරයා ලෙසද කටයුතු කළහ.

Rate this item
(0 votes)