April 28, 2024

සෙලාන් බැංකුව තවත් ඉදිරියට

සෙලාන් බැංකුව සිය ශාඛා ජාලය තවත් පුළුල් කරමින් පසුගිය දා හික්කඩුව සහ රිදීගම නගරයන්හි දී නව ශාඛා දෙකක් විවෘත කරන ලදී.

අංක271, ගාලූ පාර, හික්කඩුව දරන ස්ථානයේ පිහිටි හික්කඩුව ශාඛාව, සෙලාන් බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා අතින් විවෘත කෙරුණු අතර, අංක 02,දොඩංගස්ලන්දපාර, රිදීගම දරන ස්ථානයේ පිහිටි රිදීගම ශාඛාව විවෘත කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී-සාමාන්‍ය බැංකු සේවා තිස්ස නානායක්කාර මහතා විසිනි.

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශාඛා 1, චිත‍්‍රාල් ද සිල්වා මහතා, ප‍්‍රාදේශීය කළමනාකාර - දකුණ, ලාල් චන්ද්‍රසිරි මහතා, ප‍්‍රාදේශීය කළමනාකාර - වයඹ, දිනේෂ් ප‍්‍රනාන්දු මහතා, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීන්, ආරාධිත අමුත්තන්, ගනුදෙනුකරුවන් ඇතුළු ප‍්‍රදේශවාසීන් රැසක් මේඅවස්ථාවට සහභාභි විය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 29 August 2014 11:40