April 28, 2024

ශ්‍රී ලංකන් කළමණාකරුවන්ට නායකත්ව පුහුණුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරුවන් සඳහා විශේෂ කළමනාකරණ සහ නායකත්ව දැනුම වර්ධනය කිරීමේ වැඩසටහනක්  පැවැත්විණි.කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය මගින් මෙය සිදු විය.

ජාතිකගුවන් සමාගමේ කළමනාකරුවන් අතරින් තම රැකියාවන් හි වගකීම් ගණනාවක් දැරීමේහැකියාවන් සහ උසස් කළමනාකරණ තනතුරු හොබවන පිරිසක් මෙම වැඩසටහන සඳහා තෝරාගන්නා ලදී.

මේසඳහා සම්පත් දායකකරුවන් ලෙස ආචාර්ය ට්‍රැවිස් පෙරේරා මහතා, ආචාර්ය අජන්තධර්මසිරි මහතා සහ මහාචාර්ය උදිත ලියනගේ යන මහත්වරු විසින්  තෝරාගත්කළමනාකරුවන් 30 ක් සදහා සැසිවාර පවත්වන ලදී.

මේඅනුව තීරණ ගැනීම ,ගැටළු නිරාකරණය කිරීමේ හැකියාවන්,නායකත්ව කළමනාකරණය,උපායමාර්ගික කළමනාකරණය ,තරඟකාරි වාසි සැලසුම්කරණය සහ සම්පාදනය,නායකත්ව ව්‍යුහය,නායකත්ව අභියෝග ,භාව බුද්ධිය සහ යටත් සේවක වර්ධනය යනාදි විෂයන් රැසක්පිළිබඳව මෙහිදී දේශන පැවැත්විනි.

Rate this item
(0 votes)