April 28, 2024

හමීඩියා ‘My Friend’ රැගෙන උතුරු නැගෙනහිරට

නියඟයෙන් පීඩා විඳින උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට “Hameedia” වන කීර්තිමත් පිරිමි නිමි ඇඳුම් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව පොළොන්නරුව, සිංහපුර, ගල්ඔය, හිගුරක්ගොඩ ආදී පානීය ජල අවශ්‍යතා සහිත ප්‍රදේශවල ජනතාවට මෙම ව්‍යාපෘතිය දියත් කරන්නට Hameedia”පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ලීටර 30500 ක පමණ ජල බවුසර් අදාළ ප්‍රදේශවලට ගෙන ගොස් ජලය බෙදා ඇති අතර වතුර බෝතල් සහ පවුල් සඳහා අවශ්‍ය ජල ටැංකිද මෙම ව්‍යාපෘතිය යටතේ ජනතාවට බෙදා දී තිබේ.

“Hameedia”හී ‘My Friend’ නම් ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කර තිබේ. මෙම අවස්ථාවට එක් වෙමින් “Hameedia”හී නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂක Hussain Sadiqueමහතා පවසා සිටියේ සිය සමාගම සැම විටම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන අතර මෙවර ස්වාභාවික ආපදාවන්ට ලක්වූ මෙම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් “Hameedia”දෑත් දිගු කළ බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 August 2014 10:39