April 28, 2024

නැණසල 800ට පා තබයි

800 වන නැණසල මධ්‍යස්ථානය ‍හෙට (28) තාවල්ල, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නැණසල දහස සංකල්පය යටතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරෙන වන 61 වන  නැණසල මධ්‍යස්ථානය මෙය වේ.

මුලික පරිගණක පුහුණුව, අන්තර්ජාල පහසුකම්, ඉ-මේල් පහසුකම් ඇතුලු සේවාවන් රැසක් මෙහිදී ලබා ගත හැකි බව  නියෝජිතායතනය පැවසීය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න, එම නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරේ.

 

 

 

 

Rate this item
(0 votes)