April 28, 2024

සිනමා කර්මාන්තයට “හමීඩියා” අනුග්‍රාහකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ජාත්‍යන්තර සිනමා උළෙල කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා ප්‍රධාන අනුග්‍රාහය හමීඩියා වෙතින් ලබාදෙන බව එහි කළමණාකාරීත්වය නිවේදනය කරයි.

සැප්තැම්බර් මස 02 දා සිට 07 වැනිදා දක්වා මෙම සිනමා උළෙල පැවැත් වෙයි.

ජපානයේ ඹකිනාවා ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සිනමා උළෙල ලාංකීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණද ඇතිව ක්‍රියාත්මක වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හමීඩියා හී කළමණාකාර අධ්‍යක්ෂ Fouzul Hameedමහතා පවසා සිටියේ මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහනකට දායකත්වය ලබාදීමට හැකිවීම ගැන සිය සමාගම සතුටට පත්වන බවයි. ශ්‍රී ලංකාවේ පිරිමි නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන හමීඩියා සමාගම ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බවද සඳහන් කරයි.

Rate this item
(0 votes)